Header Ads

What AreThe FAT 32 And NTFS Format Systems


මොකක්‌ ද මේ  FAT 32 හා NTFS ආකාරයට Format කරනවා කියන්නෙ,

අද බොහෝ දෙනා FAT 32 හා NTFS යන වචන දෙක නිතරම පාවිචි කලත් ඒ ගැන නිසි අවබෝදයක්‌ නැත.
FAT 32(File Allocation Table) යනු MS-DOS පටන් Windows Me මෙහෙයුම් පද්දතිය දක්‌වා බාවිත කල Microsoft සමාගම විසින් දියුනු කරන ලද file system එකකි.
මීට පසුව Microsoft සමාගම NTFS (New Technology File System) යන file system එක ඉදිරිපත් කල අතර Win NT පටන් Win 2000,Win XP, Win Vista හා Win 7 යන මෙහෙයුම් පද්දති සඳහා එය බාවිතා කරනු ලබයි.


FAT 32 file system එක ඇති Win 98 මෙන් නොව NTFS file system එක ඇති Win NT වලදී , හාඩ් ඩිස්‌ක්‌ එක තුල ඇති දත්ත සම්බන්දයෙන් විශේස ක්‍රමයක්‌ අනුගමනය කෙරෙයි.ඉන් එකක්‌ නම් user accounts අනුව හාඩ් ඩිස්‌ක්‌ එකෙ ඇති දත්ත ආරක්‍ෂා කිරිම යි. මෙහිදි ඕනැම folder එකක්‌‌, file එකක් හො වැඩසටහනක්‌ එම මොහොතේ log වී සිටින user ට අනුව කෙසේ ක්‍රියා කල යුත්තෙද යන්න එම Folder ය සමඟ NTFS File System එක තුල අඩංගු කර තැබීම යි.
මිට අමතරව විදුලි ඇණහිටිමක්‌ හො වෙනත් දෝශයක්‌ නිසා හාඩ් ඩිස්‌ක්‌ එකෙ දත්ත ආරක්‍ෂා කර ගැනිම සඳහා වැදගත් වන තොරතුරු ද NTFS File System එක තුල අඩංගු කර තිබේ. මෙවැනි විස්‌තරාත්මක දත්ත FAT 32 ආකාරයෙ file system එකක නැති අතර එවායේ අඩංගු වන්නෙ file හා folder names සමඟ ඒවායේ Attributes පමණි.

මෙ නිසා FAT 32 ආකාරයෙ හාඩ් ඩිස්‌ක්‌ එකක්‌ NTFS කිරීමෙදී අමතර ආරක්‍ෂිත කරුණු කාරණා එක්‌කොට එම ක්‍රියාවලිය ඉටුකල හැකි උවත් NTFS ආකාරයේ හාඩ් ඩිස්‌ක්‌ එකක්‌ FAT 32 ආකාරයට හැරවිමෙදි ආරක්‍ෂිත තොරතුරු අහොසි කලයුතුය.එහෙත් Windows මෙහෙයුම් පද්දතිය මගින් එම ක්‍රියාවට පහසුකම් සලකා නැත. මෙනිසා එම කටයුතු කරදෙන Partion Magic වැනි Software යොදා ගත් යුතු වේ.

No comments

Powered by Blogger.